ශ්‍රී ලංකාවේ වර්තමානය වන විට දැඩි අර්බුදයක්ව පවතින අලි – මිනිස් ගැටුම් කළමනාකරණය කිරීම සහ වනජීවී සම්පත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස අලුතින් වාහන 294ක් නිල වශයෙන් ප්‍රදානය කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම වැඩපිළිවෙළ යටතේ ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක්, යතුරුපැදි 181ක් හා ට්‍රැක්ටර් රථ 09ක් ලබා දීම සිදු කර ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිසර අමාත්‍යාංශය සතු මානව හා භෞතික සම්පත් හිඟය මඟහරවා ගැනීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වන අතර, දුෂ්කරතා පවතින ප්‍රාදේශීය වනජීවී කාර්යාල ශක්තිමත් කිරීම හරහා වන රක්ෂිත හා ඒ ආශ්‍රිත කලාපවල රාජකාරි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත්, අලි – මිනිස් ගැටලු සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමටත් මෙම නව වාහන යොදා ගැනීමට බලාපොරොත්තු වේ.
නව රජයේ මැදිහත්වීම මත සිදු කෙරෙන මෙම වැඩපිළිවෙළ, වනජීවී නිලධාරීන්ගේ පහසුව මෙන්ම අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ද ඉමහත් පිටුබහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














