පිටකොටුව සහ බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල්වල පැවැත්වෙන 152 වන වාර්ෂික වේල් උත්සවයේ රිදී රථ පෙරහැර නිසා, අද (28) සහ එළඹෙන 31 යන දිනයන්හිදී විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ගමන් ආරම්භය (අද – ජූලි 28 පෙරවරු 07:30 සිට රාත්‍රී 08:30 දක්වා)
ආරම්භය සහ ගමනාන්තය: පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී බම්බලපිටිය නව කතිරේෂන් කෝවිල දක්වා ගමන් කරයි.
ගමන් මාර්ගය: මුහුදු වීදිය, ගෑස්පහ වටරවුම, ප්‍රධාන වීදිය, ඛාන් වටරවුම, Y.M.B.A. හන්දිය, ලේඩන් බැස්ටියන් මාවත, යෝර්ක් වීදිය, බාරොන් ජයතිලක මාවත, ජනාධිපති මාවත, N.S.A. වටරවුම, ගාලු මැදපාර, ගාලුමුවදොර වටරවුම සහ ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හරහා බම්බලපිටිය වෙත ළඟා වේ.
ආපසු පැමිණීම (ජූලි 31 පෙරවරු 08:00 සිට මධ්‍යම රාත්‍රී 12:30 දක්වා)
ආරම්භය සහ ගමනාන්තය: බම්බලපිටිය නව කතිරේෂන් කෝවිලෙන් ආරම්භ වී පිටකොටුව මුහුදු වීදිය කතිරේෂන් කෝවිල වෙත ළඟා වේ.
ගමන් මාර්ගය: බම්බලපිටිය කෝවිල, ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිටිය, ගාලුමුවදොර සෙන්ට්‍රල් පාර, චැතම් වීදිය, යෝර්ක් වීදිය, ලේඩන් බැස්ටියන් මාවත, ප්‍රධාන වීදිය, මුහුදු වීදිය, කතිරේෂන් වීදිය, ක්රොස්වීදිය, අන්දිවාල් වීදිය සහ කයිමන් දොරටුව ඔස්සේ පිටකොටුව වෙත ගමන් කරයි.
පෙරහැර ගමන් ගන්නා කාල සීමාවන් තුළ අදාළ මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින්, හැකි තරම් විකල්ප මාර්ග භාවිතා කර ගමනාගමන කටයුතු සිදු කරන ලෙස පොලිසිය දැඩිව ඉල්ලා සිටියි.














