කොළඹ පෝට් සිටි (Port City) පරිශ්‍රයේදී ජූලි 23 වන දින චීන ජාතික කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් චීන ජාතිකයෙකු මියයාම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර තොරතුරු අනාවරණ කර තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු:
අලුයම 3ට පමණ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසු පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති අතර, ඔහුගේ මළ සිරුර පසුව ඇහැළියගොඩ ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
රටින් පලා යාමට උත්සාහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළුව ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වන විට හඳුනාගෙන ඇති සැකකරුවන් 8 දෙනාගෙන් 3 දෙනෙකු දිවයිනෙන් පලා ගොස් ඇති බැවින් ඔවුන් යළි මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගනිමින් පවතී.
සිද්ධියට සම්බන්ධ අය මීට පෙර විවිධ රටවල නීතිවිරෝධී පරිගණක වංචාවල (online scams) නිරත වී ඇති බවට සහ ඝාතනයට ලක් වූ පුද්ගලයාද එවැනි ජාලයකට සම්බන්ධ අයෙකු බවට පරීක්ෂණවලින් අනාවරණ වී ඇත.














