“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති ජාතික සුපිළිපන් සතියේ දෙවන දිනය අදට (28) යෙදී තිබේ.
ජූලි 27 වන දින ආරම්භ වූ මෙම ජාතික සුපිළිපන් සතිය ජූලි 31 දක්වා ක්‍රියාත්මක වන අතර, අද දින “මූල්‍ය, ඩිජිටල්, ව්‍යවසායකත්ව හා තාක්ෂණික සුපිලිපන්බව ප්‍රවර්ධනය කිරීම” වෙනුවෙන් වෙන් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීම යටතේ සෑම රාජ්‍ය ආයතයකම ස්ථාපිත “අභ්‍යන්තර කටයුතු ඒකක” මගින් මහජනතාවට සිදුවන අපහසුතා හෝ දූෂණ ක්‍රියා පිළිබඳ පැමිණිලි QR කේත, විද්‍යුත් තැපෑල, ලිපි හෝ දුරකථන ඇමතුම් මගින් භාරගනු ලබයි.














