වාද්දුව පොහද්දරමුල්ල මහීගර්ජනාරාම පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිස්ථාපනය සහ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 26 වැනි දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
අමරපුර මහ සංඝ සභාවේ උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහ නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර, රෝහිත අබේගුණවර්ධන, හිටපු ඇමැති සරත් වීරසේකර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු දේශපාලන නියෝජිතයෝ සහ දායක සභාවේ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ. විහාරාධිපති කිරම ආනන්ද හිමියන් විසින් සිය මියගිය දෙමාපියන් සහ සොයුරියට පිංපතා මෙම ප්‍රතිමා වහන්සේ ඉදිකරවා තිබේ.














