පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා වන මුළුතැන්ගේ ආහාර ද්‍රව්‍ය සැපයීමේ ටෙන්ඩරය ලබා දීම වෙනුවෙන් රු. 2,000,000 ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මත ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු සහ තවත් පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (27) ගම්පොළ තැපැල් කාර්යාලය අසල රථගාලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරුගේ පියාගේ සහ මාමාගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාගෙන තිබූ අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මුලින් ලක්ෂ 30 ක් ලෙස ඉල්ලා ඇති මෙම අල්ලස් මුදල පසුව ලක්ෂ 20 දක්වා අඩුකරවාගෙන ඇති අතර, සැකකරුවන් ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.














