මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගේ ප්‍රවාහන ගැටලුවලට සදාකාලික විසඳුමක් ලබා දෙමින් අතිශය ජනප්‍රිය ‘සිසු සැරිය’ බස්රථ සේවාව අද (28) නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. වසර ගණනාවක් පුරා ප්‍රදේශයේ දරුවන් මුහුණ දුන් බරපතළ ප්‍රවාහන අපහසුතාවන්ට කඩිනම් පිළියමක් ලෙස ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පිළිබඳව මේ වන විට රට පුරා විශාල කතාබහක් නිර්මාණය වී ඇත.
සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සේවාව ආරම්භ කෙරුණු අතර, මන්නාරම සිට තලෙයිමන්නාරම දක්වා පාසල් සිසු දරුදැරියන් ප්‍රවාහනය කිරීම සඳහා පළමු බස්රථය මෙහිදී යොදවා තිබෙනවා. 2005 වසරේදී මෙම ජාතික වැඩසටහන ආරම්භ වුවද, උතුරු පළාතේ ඇතැම් දිස්ත්‍රික්ක වෙත මෙතෙක් මෙම සේවාව ලැබී නොතිබීම විශේෂත්වයක්.ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් බස්රථ 20ක් යොදවා පළමු අදියර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර, මෙහිදී සිසුන්ට, ගුරුවරුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ට සාමාන්‍ය බස් ගාස්තුවෙන් අඩක් පමණක් අය කර ඉතිරි මුදල රජය විසින් දැරීම මඟින් විශාල ආර්ථික සහනයක් හිමිවනවා. වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.දරුවන්ගේ අධ්‍යාපනික ගමන් පහසුකම් සුරක්ෂිත කරමින් ක්‍රියාත්මක වූ මෙම අගනා සේවාව හරහා මන්නාරමේ පාසල් සිසුන්ගේ අනාගතය තවත් සාර්ථක වනු ඇති බවටයි ප්‍රදේශවාසීන් විශ්වාසය පළ කරන්නේ.














