‘හරක් කටා’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) පෙරවරුවේ ඇප නියම කරන ලදී.
කෙසේ වෙතත්, නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු නියමිත ඇප කොන්දේසි සපුරාලීම නිසා මුදාහැරීමට පියවර ගත්තද, සැකකාර චරිත් අබේසිංහ අදාළ ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු නැවතත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.














