ඇමෙරිකාවේ සියැට්ල් නගරයේ පැවැති වාර්ෂික ආහාර උත්සවයක් අතරතුරදී සිදුවූ දරුණු වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකාර 15 හැවිරිදි ළමයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විමුක්ති එස් රුද්‍රිගු වාර්තා කරන ආකාරයට, මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇත.සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සියැට්ල් පොලිසිය අනාවරණය කළේ, අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මෙම අපරාධයට සම්බන්ධ වී ඇති බවත්, ඒ අතරින් එක් සැකකරුවෙකු සිද්ධිය වූ ස්ථානයේදීම එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් සිටියදී සොයාගත් බවත්ය. කෙසේ වෙතත්, තවත් සැකකරුවෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වේ. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇති තොරතුරු අනුව, මෙම ප්‍රහාරය මැර කල්ලි දෙකක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය වැඩිදුරටත් විශ්වාස කරයි.














