බැංකොක් නගරයෙන් ආරම්භ වූ ප්‍රකට Charcoal Tandoor Fire & Grill අවන්හල කොළඹ නගරයේදී නිල වශයෙන් විවෘත කර ඇති අතර, කෙටි කාලයක් තුළ එය දේශීය හා විදේශීය පාරිභෝගිකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ. අවන්හලේ නිර්මාතෘ රෝහිත් සච්දෙව් (Rohit Sachdev) මහතාගේ සංකල්පයකට අනුව ඉදි කර ඇති මෙම අවන්හල, උස සිවිලිම් සහ පුළුල් ඉඩකඩ සහිත විවෘත අවකාශයකින් සමන්විත වන අතර, එය පාරිභෝගිකයන්ට අද්විතීය අත්දැකීමක් ලබා දෙයි.
මෙහි අභ්‍යන්තර සැලසුම සකස් කර ඇත්තේ අවන්හල පිහිටා ඇති ස්ථානයේ ස්වභාවික පෙනුම සහ ඓතිහාසික පසුබිම මනාව ආරක්ෂා වන ආකාරයෙනි. උතුරු ඉන්දීය තන්දූරි ආහාර පිසීමේ ක්‍රමවේද සහ මෝගල් සම්ප්‍රදායන් පදනම් කරගත් ආහාර සංස්කෘතියක් මෙහි ක්‍රියාත්මක වන අතර, අමුත්තන්ට සූපවේදීන් සජීවීව ආහාර පිළියෙළ කරන අයුරු දැකබලා ගැනීම සඳහා විවෘත මුළුතැන්ගෙයකු ද මෙහි ස්ථාපති කර ඇත.
මෙම අවන්හල ආරම්භ කිරීම හරහා කොළඹ නගරයේ ආපනශාලා ක්ෂේත්‍රය වෙත නව මානයක් එකතු වී ඇති අතර, පැරණි කුළුබඩු වෙළෙඳ මාර්ග සහ ඓතිහාසික සංස්කෘතික හුවමාරු මත පදනම් වූ අද්විතීය අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත හිමි වේ. බැංකොක් නගරයෙන් ඇරඹි මෙම සන්නාමයේ අනන්‍යතාව දේශීය වෙළෙඳපොළ තුළ තවදුරටත් පුළුල් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.














