වර්තමාන සමාජයේ ජංගම දුරකථන සහ නව තාක්ෂණයට ඇබ්බැහි වීම හේතුවෙන් පවුල් සංස්ථාව සහ මානව සබඳතා බිඳ වැටී ඇති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසති.සීදුව ප්රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පෙන්වා දුන් අතර, නිදහස් වෙළෙඳ ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ සමාජය තුළ පරිභෝජනවාදය අන්තයටම වර්ධනය වී ඇති බවත්, ඒ හරහා මිනිසුන් තුළ කෘත්රිම ආසාවන් ඇති කරමින් මුදල් ඉපයීම අද වන විට සමාජය මෙහෙයවන ප්රධාන සාධකය බවට පත්ව ඇති බවත් ප්රකාශ කළහ. අම්මලා, තාත්තලා සහ දරුවන් අතර පවුල් ජීවිතය අහිමි වී ජංගම දුරකථන භාවිතය සඳහා අන්තයටම ඇබ්බැහි වීමෙන් වටිනාකම් සියල්ල නැති වී ගොස් ඇති බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














