අප්‍රිකානු සූකර උණ වසංගතය හේතුවෙන් සූකර කර්මාන්තයට සිදුවූ බලපෑම අවම කර ගොවීන් යළි ශක්තිමත් කිරීමේ අරමුණින්, අගෝස්තු මාසය සූකර රක්ෂණ මාසය ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.ජනාධිපති කාර්ය සාධක බළකායේ තීරණය මත හඳුන්වා දී ඇති මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාණිජ මට්ටමේ සූකර ගොවිපළවල අභිජනන සතුන් රක්ෂණයට ඇතුළත් කරගැනීම බලාපොරොත්තු වේ. අප්‍රිකානු සූකර උණ, හදිසි අනතුරු හා අනෙකුත් රෝග හේතුවෙන් සිදුවන මරණ සඳහා මෙම ආවරණය හිමිවන අතර, රක්ෂණ කාලය තුළ මාස 06 සිට අවුරුදු 4 දක්වා අභිජනන සතුන් සඳහා වාර්ෂිකව රු. 200,000/- ක උපරිම රක්ෂිත මුදලකට යටත්ව රක්ෂණ ආවරණ ලබා ගැනීමට පහසුකම් සලසා දී ඇත. වැඩිදුර තොරතුරු ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලයෙන්, පශු වෛද්‍ය කාර්යාලයෙන් හෝ 1918 ඇමතීමෙන් ලබාගත හැකිය.














