කළු ගඟේ මාවක්කුමෝදර ප්‍රදේශයේ දැවැන්ත පරිසර විනාශයක් සිදුකරමින් නීතිවිරෝධී අන්දමින් මැණික් ගැරීමේ යෙදී සිටි ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාරිකයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් 25 දෙනකු රුපියල් කෝටි 7කට අධික වටිනා උපකරණ තොගයක් සමඟ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව, වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් සහ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු කර ඇත. උසස් පොලිස් නිලධාරීන් කීපදෙනකු ඇතුළු ප්‍රභූ පිරිසකගේ රැකවරණය ලබමින් කාලයක සිට මෙම මහා පරිසර විනාශය සිදුවී ඇති අතර, මෙහිදී නීතිවිරෝධී මැණික් ගැරීම සඳහා යොදාගත් යන්ත්‍ර 6ක් සහ බෝට්ටු 14ක් ඇතුළු කෝටි 7කට අධික වටිනා උපකරණ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.














