වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,091ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වන විට සිදුව ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 61කි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් (17,850ක්) සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් (16,716ක්) වාර්තා වන අතර, පළාත් අතරින් බස්නාහිර පළාතෙන් රෝගීන් 44,552ක් සහ දකුණු පළාතෙන් රෝගීන් 12,656ක් ලෙස ඉහළම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී තිබේ. මීට අමතරව, දිවයින පුරා අධි අවදානම් කළාප 175ක් පවතින බවද එම ඒකකය සඳහන් කරයි.














