වවුනියාව නෙඩුන්කේණී, කුලවිසුඩ්ඩාන් ගම්මානයේදී ඔංචිල්ලාවක් කඩාවැටීමෙන් මාස පහක බිළිඳෙකු මරණයට පත් වී ඇති අතර, ඊට යට වීමෙන් බිළිඳාගේ මවද තුවාල ලබා තිබේ.
මව විසින් දරුවාව ඔංචිල්ලාවක තබා පදවමින් සිටියදී හදිසියේම එය කඩාවැටී ඇති අතර, බිළිඳා සහ මව ඔංචිල්ලාවේ ආධාරකයකට යට වී ඇත. තුවාල ලැබූ මව නෙඩුන්කේණී රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔංචිල්ලාවට යටවී බරපතළ තත්ත්වයේ පසුවූ බිළිඳා නෙඩුන්කේණී රෝහලෙන් සහ වවුනියාව මහ රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇත. නෙඩුන්කේණී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














