කමිඳු මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් කොළඹ කණ්ඩායම විසින් දඹුල්ල සික්සර්ස් පරාජය කරමින් එල්.පී.එල්. (LPL) තරගාවලියේ අවසන් වටයේ බලාපොරොත්තු ඉහළ නංවාගෙන තිබේ.
මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 174ක් රැස් කළේය. එහිදී දඹුල්ල ඉනිම ශක්තිමත් කරමින් දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 54කදී ලකුණු 80ක් (තරගාවලියේ තෙවැනි අර්ධ ශතකය) වාර්තා කළ අතර, ගුල්බදීන් නයිබ් පන්දු 13කදී නොදැවී ලකුණු 33ක් ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය.














