ඉරානය සහ ඇමරිකාව අතර උත්සන්න වන ආතතීන් නොතකා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල පහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 1.25කින් පහළ ගොස් ඇමරිකානු ඩොලර් 89.49ක අගයක පවතින අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 0.94කින් පහළ යමින් ඇමරිකානු ඩොලර් 83.52ක් ලෙස සටහන් වී ඇත. දෙරට අතර ගැටුම් පැවතියද, මැදපෙරදිගින් තෙල් ටැංකි පිටවී යාම අඛණ්ඩව සිදුවීම මෙයට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














