• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 06

නීතියට පටහැනිව මූලික විරෝධතාවය නිෂ්ප්‍රභ කළ හැටි

30 July 2026
in දේශීය, පුවත්
කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 05
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව විසින් 2015-09-30 වන දිනැතිව ප්‍රධාන ආරක්ෂක නිලධාරීවරයාගෙන් ලබාගෙන තිබෙන ප්‍රකාශයේ අදාළ මූලික විරෝධතාවය සටහන් කර ඇත්තේ මෙලෙසිනි:
“මම මූලික විරෝධතාවයක් ඉදිරිපත් කරනවා. මම දන්නා විදියට මට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය විසින්. එහි සාමාජිකයෙකු වන මෙම මණ්ඩලයේ අසුන්ගෙන සිටින, එනම් මහාචාර්ය විජේවීර මහතා මෙම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකු නිසාත්, පැමිණිල්ල එම සංගමය මගින් ඉදිරිපත් කර ඇති බැවිනුත්, මම විරුද්ධ වනවා මෙම පරීක්ෂණයට ආචාර්ය මණ්ඩලයේ අයෙක් අසුන් ගැනීම පිළිබඳව. එය ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි වනවා.”
එම අවස්ථාවේදී මහාචාර්ය විජේවීර මෙසේ පවසා ඇත:
“මම මෙහි පැමිණියේ මගේ අවශ්‍යතාවයට නොවේ. විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් මා මෙම සභාවට පත් කර මට මෙහි පැමිණෙන ලෙස දැන්වූ නිසායි. මම අද ඉටු කරන්නේ පාලක සභාව විසින් එවන ලද ඉල්ලීමයි. මම දන්ත වෛද්‍ය පීඨයේ ආචාර්ය සංගමයේ සාමාජිකයෙක්. එමෙන්ම සෑම ආචාර්යවරයෙක්ම ආචාර්ය සංගමයේ සාමාජිකයෙක්.”
සභාපති විනිශ්චය සභාවේ තීරණය ලබාදී ඇත්තේ මෙසේය:
“මෙය නඩු විමසීමක් නොවේ. නඩු විමසීමකදී නම් ඔබ කියන තර්කය නිවැරදියි. නමුත් මෙයින් සිදු කරන්නේ කරුණු සොයා බැලීමක් පමණයි. අප සිදු කරන්නේ පාලක සභාවේ ඉල්ලීමයි. එම නිසා අප සිතන්නේ ඔබගේ ඉල්ලීමට පදනමක් නැති බවයි. ඒ අනුව විමර්ශන සභාව ඔහුගෙන් විමසීම ඉදිරියට කරගෙන යනු ලැබේ.”
මහාචාර්ය විජේවීරගේ පිළිගැනීමට අනුව අදාළ මූලික විරෝධතාවය සාධාරණ පදනමකින් යුක්ත වන බව බැලූ බැල්මට පෙනී යා යුතුව තිබුණි. ඒ අනුව විචක්ෂණශීලී ලෙස කටයුතු කළේ නම් සිදු කළ යුතුව තිබුණේ අදාළ මූලික විරෝධතාවය පිළිගනිමින් මහාචාර්ය විජේවීර විමර්ශන කමිටුවෙන් ඉල්ලා අස්වී හෝ ඉවත් කර විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමය. ඒ වෙනුවට සිදු කර තිබෙන්නේ සාධාරණ පදනමකින් තොරව මූලික විරෝධතාවය නිෂ්ප්‍රභ කර විමර්ශන කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කිරීමය.
එකී තීරණය වැරදි බව මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බැවින් ඒ පිළිබඳව විග්‍රහයන් තවදුරටත් අවශ්‍ය නොවේ.
මෙම තත්ත්වය අනුව පැහැදිලි වන්නේ විගණනය නිරීක්ෂණය කළ පරිදි, නීතිඥ ලාල් විජේනායකගේ සභාපතිත්වයෙන් යුතු මූලික විමර්ශන කමිටුව විචක්ෂණශීලී නොවන, අත්තනෝමතික ක්‍රියාවක් මගින් පැනනැගුණාවූ මෙම නිෂ්කාර්ය වැය සඳහා වගකිවයුතු එක් ප්‍රධාන පාර්ශ්වයක් වන බවය.
– මතු සම්බන්ධයි
Post Views: 1
Previous Post

කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 05

Next Post

කෝප් කමිටුවේ අවධාණය පිණිසයි – අංක 07

Editor TTV News

Editor TTV News

Next Post
කෝප් කමිටුවේ අවධානය පිණිසයි – අංක 05

කෝප් කමිටුවේ අවධාණය පිණිසයි - අංක 07

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීමට එරෙහි පෙත්සමේ තීන්දුව අගෝස්තු 31 වන දින

5 August 2026
යෝජිත සත්ව ආරක්ෂණ පනතින් පෙරහැර සම්ප්‍රදායට බලපෑම් එල්ල වන බවට එක්සත් ජාතික පක්ෂයෙන් චෝදනා

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලන බලය ඉරානයට ලබාදීමට යෝජනාවක්

5 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

ප්‍රබල එල් නීනෝ තත්ත්වය හමුවේ ලෝකයට දැඩි ආහාර අර්බුදයක

5 August 2026
යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

යුක්‍රේනයේ කියව් අගනුවරට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 17 ක් මරුට

5 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved