“වෙබොමෙටි‍්‍රක්ස්”(Webometrics) ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වල 2026 වර්ෂය සදහා වන නවතම සංස්කරණයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය පියවර ගණනාවක් පහල බැස තිබෙන බව වාර්ථා වේ.
2024 සහ 2025 වර්ෂවලදී මෙම ශ්‍රේණිගත කිරීම්වල පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර 2 වන ස්ථානයේ රැදී සිට ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලය එහි පළමු ස්ථානය අත්පත් කරගෙන තිබුනි.
කෙසේ වෙතත් පසුගියදා නිකුත් කර තිබෙන නවතම සංස්කරණයට අනුව ශ‍්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර කොළඹ විශ්වවිද්‍යාලය සිය අංක 1 ස්ථානය තවදුරටත් ආරක්‍ෂා කර ගැනීමට සමත්ව තිබෙන නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ස්ථාන දෙකක් පහල ගොස් එහි අංක 4 ස්ථානය දක්වා පහල බැස තිබේ.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයද, රුහුණ විශ්වවිද්‍යාලය තෙවන ස්ථානයද, අත්පත්කරගැනීමට සමත්ව තිබෙන අතර එම විශ්වවිද්‍යාල දෙක පෙර වර්ෂවල දෙවැනි ස්ථානයේ රැදී සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලය අභිබවා යමින් ඉදිරියට ගමන් කර තිබෙන නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමන් එතෙක් අත්කරගෙන සිටි දෙවන ස්ථානයෙන් පියවර දෙකක් පහල බැස තිබීම විශේෂ තත්ත්වයකි.
මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2024 වසරේදී ලෝකයේ විශ්වවිද්‍යාල අතර 2017 වන ස්ථානයේ රැදී සිට ඇති අතර 2025 වසරේ පියවර කිහිපයක් ඉදිරියට යමින් 1979 වන ස්ථානය දක්වා උසස් වී තිබේ.කෙසේ වෙතත් 2026 වර්ෂයේදී ලෝක විශ්වවිද්‍යාලයන් අතර සෘණ 268 (-268) ක අවවර්ධනයක් පෙන්වන පේරාදෙණිය රැදී සිටින්නේ 2268 වන ස්ථානයේ වන අතර එය සැලකිය යුතු අසාර්ථකතත්ත්වයක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, විගණකාධිපති දෙපාර්තමේන්තුව ආදී ආයතන විසින් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව, වංචා, දුෂණ, අක‍්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතාවය සම්බන්ධයෙන් කිසියම් ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රමයක් තිබෙන්නේ නම් පේරාදෙණිය විශ්වවිද්‍යාලය නිසැක වශයෙන්ම එහි පළමු ස්ථානය හිමිකරගනු ඇති බව විශ්වවිද්‍යාල ප‍්‍රජාව පවසති.
මෙම ශ්‍රේණිගත කිරීම් සදහා ලෝක මට්ටමින් විශ්වවිද්‍යාල 32000 කට අධික සංඛ්‍යාවක් සලකා බලා තිබෙන අතර ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක රාජ්‍ය, පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය විශ්වවිද්‍යාල 61 ක් සලකා බලා තිබේ.
මෙහිදී ප‍්‍රධාන නිර්ණායක ලෙසට (Visibility ) එනම් විශ්වවිද්‍යාල වෙබ් අඩවිය සදහා සිදුකෙරෙන ඇතුලත්වීම් ප‍්‍රමාණය, පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කිරීම් හා සම්බන්ධ (Excellence) හෙවත් විශිෂ්ඨත්වය, (Openness )හෙවත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සතු පොදු පර්යේෂණ දත්ත සහ විවෘත විද්‍යා දායකත්වය සලකා බලනු ලබයි.
කෙසේ වෙතත් THE(Times Higher Education World University Ranking සහ QS World University Ranking වැනි තවත් ප‍්‍රමුඛ පෙලේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ක‍්‍රම ගණනාවක් ඇති අතර ඒවායේ ශ්‍රේණිගත කිරීම් මීට වඩා වෙනස් විය හැකිය.














