යාපනය – නුවර ප්‍රධාන මාර්ගයේ වවුනියාව, කනගරායන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කනගරායන්කුලම පොලිසිය පවසයි.
අද (30) අලුයම දඹුල්ල ප්‍රදේශයේ සිට යාපනය දක්වා එළවළු ප්‍රවාහනය කළ කැබ් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූවන් මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය. කනගරායන්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














