කටාන, දාගොන්න ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසළදී සිදුවූ දරුණු අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (30) අලුයම 1.45ට පමණ බහාලුම් ප්‍රවාහනය කළ කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා මෙලෙස මියගොස් ඇත. අනතුරින් කුපිත වූ ප්‍රදේශවාසීන් කන්ටේනර් රථයට ගිනිතබා ඇති අතර, කටාන පොලිසිය සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දමා කලහකාරී තත්ත්වය පාලනය කර තිබේ.
මියගිය තරුණයින්ගේ මෘත දේහ මීගමුව රෝහල වෙතරැගෙන ගොස් ඇති අතර, අනතුරට සම්බන්ධ කන්ටේනර් රථයේ රියදුරු පොලිස් භාරයට ගෙන ඇත.














