බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිත කිරීමට අවසර ලබා නොදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන ඔක්තෝබර් 02 වන දින යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට බීර නිෂ්පාදනය සඳහා සහල් සහ සීනි භාවිතය අනුමත නොකරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.














