සිය ධුර කාලය අවසන් කර දිවයිනෙන් සමුගන්නා ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජ තානාපති මියොන් ලී (H.E. Miyon Lee) මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවී තිබේ.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට තානාපතිවරිය ලබා දුන් සහයෝගය අග්‍රාමාත්‍යවරිය මෙහිදී ඇගයීමට ලක් කළ අතර, වාරිමාර්ග හා අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක කොරියානු අරමුදල් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සඳහා දැක්වූ දායකත්වයට ස්තුතිය පළ කළාය. මීට අමතරව, ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, ගුණාත්මක ආයෝජන ආකර්ෂණය කර ගැනීම, කෘෂිකර්මාන්තය සහ දේශගුණික විපර්යාස යන ක්ෂේත්‍රවල අනාගත සහයෝගීතා අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත.
මෙම අවස්ථාවට කොරියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Eunji Kang මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.














