ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ නවීන ජීවන රටාව අත්දැකීම් තවත් සුවිශේෂී කඩඉමක් පසුකරමින්, දකුණු ආසියාවේ ප්‍රථම සහ විශාලතම විනෝදාස්වාදය සහ ජීවන රටාව කැටි කළ අංගසම්පූර්ණ ගමනාන්තය වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Shoppes’ සංකීර්ණය වෙත ‘Scope Cinemas’ සිනමා ජාලය එක්වන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම හවුල්කාරීත්වය යටතේ, 2026 වසර අවසන් වීමට පෙර ‘The Shoppes’ හි 10 වන මහලේ අති නවීන සිනමා සංකීර්ණයක් විවෘත වීමට නියමිතය. තිර පහකින් සමන්විත මෙම නවතම සිනමා සංකීර්ණයේ, සුවිශේෂී පහසුකම් සහිත ප්‍රභූ විවේකාගාර සහ ඉහළ පෙළේ භෝජන අත්දැකීම් සහිත VIP සිනමා ශාලා දෙකක් ද අන්තර්ගත වේ. නවීන තාක්ෂණය හා ප්‍රශස්ත සත්කාරක සේවාවන් ඒකාබද්ධ කරමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට මෙහිදී අසමසම සිනමා අත්දැකීමක් හිමිවනු ඇත.














