හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි කාර්යාලය ඉදිරිපිටදී අද (30) දහවල් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ත්‍රීරෝද රථයක් සහ දැව පටවාගත් ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.














