“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා රුපියල් කෝටි 23.7කට අධික අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මඟින් මෙම මුදල් වෙන් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ යටතේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භක තේ ගම්මාන 144හි ආදර්ශ වගාවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 68ක් සහ ප්‍රමිතියෙන් යුත් පැළ තවාන් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 169ක මුදලක් වෙන් කිරීමට නියමිතය.
2030 වසර වන විට මෙරට නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සපුරාගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.














