2026 ජූලි මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනාව හෙට (31) ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.1කට අධික මුදලක්ද, දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 77,324 දෙනෙකු සඳහා රුපියල් මිලියන 386කට අධික මුදලක්ද වෙන් කර ඇත. ඒ අනුව, අදියර දෙක යටතේ සමස්ත ප්‍රතිලාභීන් 698,962 දෙනෙකු වෙනුවෙන් රුපියල් 3,494,810,000ක මුදලක් වෙන් කර ඇති අතර, හෙට දිනයේ සිට අදාළ බැංකු ගිණුම් හරහා එම දීමනාව ලබාගත හැකිය.














