බොරලැස්ගමුව – බෙල්ලන්විල ඇවිදින මංතීරුවේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිටදී අවන්හල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු සහ මෝටර් රථයේ පැදිකරු සම්බන්ධයෙන් දින 90ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම නියෝග ලබාගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් දෙදෙනා බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇත.
විදේශයක සැඟව සිටින ‘සැන්ඩෝ’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගෙන් මුදල් ලබා ගනිමින් මොවුන් මෙම අපරාධය සිදු කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
















