‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසු ගත වූ මාස නවයක් ඇතුළත ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 4.5කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා මහතා පවසයි.
කොළඹ පිහිටි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර, 2025 ඔක්තෝබර් 30 වැනි දින සිට මේ වසරේ ජූනි මස දක්වා කාලය තුළ වැටලීම් 55ක් සිදු කර කිලෝග්‍රෑම් 396කට අධික මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.














