ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් අද (31) දින පහළ ගොස් ඇති අතර, WTI බොරතෙල් බැරලයක මිල 1.71%කින් අමෙරිකානු ඩොලර් 82.16ක් දක්වාත්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.16%කින් අමෙරිකානු ඩොලර් 88ක් දක්වාත් අඩුවී ඇත. මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලද 2.60%කින් පහළ ගොස් ඇත්තේ අමෙරිකානු ඩොලර් 85.71ක් ලෙසිනි.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුව අද (31) සිදු කිරීමට නියමිතව තිබූ මාසික ඉන්ධන මිල සංශෝධනයේදී සංස්ථාව ලබා ඇති ලාභය සහ ලෝක වෙළෙඳපොළේ මිලෙහි පවතින අවිනිෂ්චිතතාවය හේතුවෙන් ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා රජයේ මුදල් පිළිබඳ කාරකසභාවේදී ප්‍රකාශ කළේය.














