විදේශ රටවල නිෂ්පාදිත විදුලිබල ඉන්වටර් සහ අධි තාක්ෂණික රොබෝ උපකරණ සම්බාධක ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඇමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කර තිබේ.
ඇමරිකානු ෆෙඩරල් සන්නිවේදන කොමිසම (FCC) විසින් පසුගිය 28 වැනි දින නිකුත් කරන ලද මෙම නිවේදනයට ප්‍රතිචාර දක්වමින් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ එම අසාධාරණ සම්බාධක වහාම ඉවත් කර ගන්නා ලෙසයි.














