ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 කි. ඉන් ආසාදිතයින් 29,350 ක් ජූලි මාසයේ 30 වන දින දක්වා වූ කාලය තුළ පමණක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික්ක සහ පළාත් අනුව රෝගී ව්‍යාප්තිය සැලකීමේදී, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971 ක්ද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814 ක්ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873 ක්ද වාර්තා වී ඇත. තවද, බස්නාහිර පළාතෙන් රෝගීන් 44,829 ක්ද, දකුණු පළාතෙන් රෝගීන් 12,738 ක්ද සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 7,370 ක්ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර තිබේ.














