මීගමුව – මිනුවන්ගොඩ මාර්ගයේ බෝලවලාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව, අදාළ කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක මීගමුව දෙසට වේගයෙන් ධාවනය වූ යතුරුපැදි දෙකක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 20, 25 සහ 26 යන වයස්වල පසුවන මීගමුව, දාගොන්න සහ කිඹුලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (31) මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














