2026 වර්ෂයේ ජූලි මාසයට අදාළව අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,638 දෙනෙකුට රුපියල් කෝටි 310.8ක මුදලක් සහ දෙවන අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 77,324 දෙනෙකුට රුපියල් කෝටි 38.6ක මුදලක් අද (31) අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන පරිදි, අදාළ ප්‍රතිලාභීන්ට තම ප්රතිලාභ මුදල් අද (ජූලි 31) සිට අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගත හැකිය.














