ලින්දුල පොලිස් වසමට අයත් තේ වතුයායක සේවයේ නියුතු වතු කම්කරුවන් පිරිසක් මතට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් 61 හැවිරිදි තේ වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් පස් දෙනෙකු ලින්දුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑළියා දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව වාර්තා වේ.














