කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක භෝජනාගාරය තුළ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කළ ආයතනයකට රුපියල් 500,000ක (ලක්ෂ 5ක) දඩයක් නියම කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබුණි. 2026 ජූලි 9 වන දින සිදුකළ වැටලීමකදී, රුපියල් 120ක් වූ මිලිලීටර් 1,000ක ජල බෝතලයක් රුපියල් 150කට අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත. පාරිභෝගික පනත යටතේ නිකුත් කර ඇති විධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලූ අධිකරණය අදාළ දඩ මුදම නියම කළ අතර, දුම්රිය භෝජනාගාර තුළ වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම පිළිබඳව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවද දැනුවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.














