රුසියානු නෞකා සහ වරායන් ඉලක්ක කර යුක්රේනය විසින් එල්ල කරනු ලබන ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් නුදුරේදීම කළු මුහුද හරහා සිදු කෙරෙන ධාන්‍ය අපනයන සම්පූර්ණයෙන්ම ඇනහිටිය හැකි බව රුසියාවේ ප්‍රධාන ධාන්‍ය අපනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් ගෝලීය වශයෙන් ධාන්‍ය මිල ඉහළ යා හැකි අතර, අප්‍රිකාව සහ මැදපෙරදිග රටවල දැඩි ආහාර අර්බුදයක් හෝ සාගින්නක් ඇති වීමේ අවදානමක් පවතින බව එම සංගමය පෙන්වා දෙයි. දෙපාර්ශ්වයම කළු මුහුදේදී එකිනෙකාගේ අපනයන පහසුකම් සහ වෙළඳ නෞකා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ගෝලීය ආහාර සුරක්ෂිතතාව දැඩි අවදානමකට ලක්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















