උතුරු අප්‍රිකාවේ පිහිටා ඇති ස්පාඤ්ඤයේ ‘සැටා’ (Ceuta) ස්වයංපාලන ප්‍රදේශයට දේශසීමා හරහා 50,000 කට අධික සංක්‍රමණිකයන් පිරිසක් හදිසියේ ඇතුළු වීමෙන් සිදු වූ ගැටුම් සහ තදබදයෙන් පුද්ගලයන් 57 දෙනෙකු මියගොස් ඇති බව ස්පාඤ්ඤ බලධාරීන් පවසා තිබේ.
ගොඩබිමින් සහ මුහුදින් එලෙස කඩා වැදුණු පිරිසෙන් වැඩි පිරිසක් මේ වන විට ස්වේච්ඡාවෙන්ම ආපසු හැරී යමින් සිටින බව එරට රජය සඳහන් කරයි. මෙම තත්ත්වය හමුවේ යුරෝපා සංගමයේ දේශසීමා රහිත ෂෙන්ගන් (Schengen) ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට ඉතාලිය පියවර ගෙන ඇති අතර, ස්පාඤ්ඤ අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් මෙය රටේ ස්වෛරීභාවයට එල්ල වූ උල්ලංඝනයක් ලෙස හෙළා දැක තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















