ඉතාලියේ දකුණුදිග නැපෝලි නගරය ආසන්නයේ පිහිටි ‘කැම්පි ෆ්ලෙග්‍රෙයි’ (Campi Flegrei) ප්‍රදේශයට රික්ටර් මාපකයේ 4.7 ක ප්‍රබල භූමිකම්පාවක් බලපා ඇති බව එරට බලධාරීන් පවසයි.
මෙම භූමිකම්පාව හේතුවෙන් ප්‍රදේශයේ විදුලි බිඳවැටීම් වාර්තා වී ඇති අතර, දුම්රිය සහ මෙට්‍රෝ සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇත. ගොඩනැගිලි කිහිපයකට ද සුළු වශයෙන් හානි සිදුවී ඇති අතර, මෙය මෑත කාලීනව එම ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රබලම භූමිකම්පාවන්ගෙන් එකක් බව ඉතාලියානු මාධ්‍ය සඳහන් කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















