රතු මුහුදේ සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් තෙල් නෞකා කුලියට ගැනීම දුෂ්කර හා අධික වියදම් සහගත වී ඇති පසුබිමක, තම රටේ තෙල් ප්‍රවාහන යාත්‍රා පාලනය තහවුරු කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) දැවැන්ත පියවරක් ගෙන තිබේ.
ෆ්‍රොಂට්ලයින් (Frontline) ආයතනයෙන් ඩොලර් මිලියන 590 ක පමණ මුදලකට සුපිරි තෙල් නෞකා 5 ක් ADNOC ආයතනය විසින් මේ වන විට මිලදී ගෙන ඇත. මීට අමතරව ගෑස් ප්‍රවාහන නෞකා 3 ක් සහ තවත් නෞකා 30 කට ආසන්න ප්‍රමාණයක් ඇණවුම් කර ඇති අතර, මෙමඟින් අර්බුදකාරී මුහුදු කලාපවලදී වෙනත් රටවල් මෙන් අධික යුධ රක්ෂණ ගාස්තු හෝ නෞකා හිඟයකට මුහුණ දීමෙන් තොරව, තමන්ටම අයත් නෞකා මඟින් බාධාවකින් තොරව තෙල් අපනයනය අඛණ්ඩව පවත්වා ගැනීමට එමීර් රාජ්‍යයට හැකි වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















