රුසියානු තෙල් ප්‍රවාහනය කළ, ජාත්‍යන්තර සම්බාධකවලට ලක් වූ ‘කැරොලයින් බෙසෙන්ගි’ (Caroline Bezengi) නැමැති නෞකාවකින් ඔමාන් වෙරළ තීරයට ඔබ්බෙන් තෙල් කාන්දුවක් සිදුවෙමින් පවතින බව සැටලයිට් ඡායාරූප සහ නාවික විශේෂඥයෝ පෙන්වා දෙති.
දකුණු යේමන මුහුදු තීරයේදී සිදු වූ පිපිරීමක් හේතුවෙන් මෙම නෞකාව අනතුරට ලක්ව ඇති අතර, මේ වන විට ඔමාන් වෙරළ ආසන්නයේ මුහුදු තීරයට තෙල් තට්ටුවක් පැතිර යමින් පවතී. මෙම තත්ත්වය මඟින් එරට සංවේදී සමුද්‍රීය පරිසරයට බරපතළ හානියක් සිදුවිය හැකි බවට පරිසරවේදීහු දැඩි කනස්සල්ල පළ කරති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















