උතුරු කොරියානු තොරතුරු තාක්ෂණ (IT) සේවකයන් විසින් විදෙස් රටවල සිට දුරස්ථව (Remote) රැකියා කරමින් උපයන නීතිවිරෝධී විදෙස් මුදල්, එරට තහනම් න්‍යෂ්ටික අවි සහ බැලිස්ටික් මිසයිල වැඩසටහන් සඳහා යොදවමින් පවතින බවට බටහිර සහ මිත්‍ර පාක්ෂික රටවල් ඒකාබද්ධව අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඇමරිකාව, දකුණු කොරියාව, ජපානය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් නවයක රජයේ ආයතන 19 ක් එක්ව නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයට අනුව, උතුරු කොරියාව විසින් ව්‍යාජ අනන්‍යතා භාවිතා කරමින් සහ කෘත්‍රිම බුද්ධිය (AI) පවා උපයෝගී කරගනිමින් ගෝලීය සමාගම්වලින් රැකියා ලබා ගන්නා බව අනාවරණය වී ඇත. එසේම, මෙම සේවකයන් ආයතනික දත්ත සොරකම් කිරීම, සයිබර් අපරාධ සහ ඔත්තු බැලීම් සඳහා ද දායක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්















