යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ තීරණයකට එරෙහිව එරට ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද මයිකයිලෝ ෆෙඩෝරොව් (Mykhailo Fedorov) නැවත එම ධුරයට පත් කරන ලෙස ඉල්ලා කියව් අගනුවර මධ්‍යයේ දහස් සංඛ්‍යාත ජනතාවක් විරෝධතාවක නිරත වී තිබේ.
රුසියානු යුද්ධය මධ්‍යයේ යුද හමුදා නවීකරණයට සහ නවෝත්පාදනයන්ට නායකත්වය දුන් ෆෙඩෝරොව් හදිසියේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ ජනාධිපති සෙලෙන්ස්කි හමුවේ මෙම තත්ත්වය දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී තිබේ. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහ යුද සමයේ විනිවිදභාවය ඉල්ලා විරෝධතාකරුවන් අගනුවර වීදි බසින්නට වූ අතර, ෆෙඩෝරොව් යළි තනතුරට පත් කරන තෙක් තම විරෝධතා අත්නොහරින බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














