ඉරානය සතුව තවදුරටත් ඉතිරිවී ඇති හමුදා ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට තමා අපේක්ෂා කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
කැంප් ඩෙවිඩ් හි පැවති කැබිනට් රැස්වීමකදී ඔහු සඳහන් කළේ ගත වූ මාස පහක යුද්ධය තුළ ඇමරිකාව විසින් ඉරාන හමුදා ධාරිතාව දැඩි ලෙස බිඳ දමා ඇති බවත්, තවදුරටත් ඉතිරිව ඇති යම් හමුදා ශක්තියක් ද ඉක්මනින්ම සම්පූර්ණයෙන්ම අතුගා දැමීමට කටයුතු කරන බවත්ය. ඒ සඳහා මධ්‍යම විධානයේ (CENTCOM) ප්‍රධාන අද්මිරාල් බ්‍රැඩ් කූපර් විසින් දින 10 ත් 14 ත් අතර කාලයකදී ටෙහෙරාන් නගරයේ ඉතිරිව ඇති මිසයිල විනාශ කිරීමේ ප්‍රහාරක ව්‍යාපෘතියක් සකස් කර ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, විශාල පරිමාණයේ ප්‍රහාරයකට යාමෙන් ඇමරිකානු හමුදා සහ මිත්‍ර පාක්ෂිකයන් ආරක්ෂා කිරීමට ඇති ගුවන් ආරක්ෂක මිසයිල සංචිතය සිඳී යා හැකි බවට ඒකාබද්ධ ප්‍රධානීන්ගේ මණ්ඩලයේ සභාපති ජෙනරාල් ඩෑන් කේන් අනතුරු ඇඟවීමක් කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














