දඹගල්ල, කුඩාඔය ප්රදේශයේදී වන අලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ බදුලුවෙල ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකි. අදාළ පුද්ගලයා තවත් පිරිසක් සමඟ ඉඟිනියාගල වැවෙහි මාළු ඇල්ලීමට ගොස් යමින් සිටියදී මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව දඹගල්ල පොලිසිය පවසන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.














