කැලිෆෝනියාහි සැන් ඩියාගෝ හමුදා කඳවුර ආසන්නයේදී අමෙරිකානු F-35B වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් අනතුරට ලක්ව කඩා වැටී ඇත.
යානය කඩා වැටීමට පෙර නියමුවා ආරක්ෂිතව ඉවතට පැන ඇති අතර, ඔහු සුළු තුවාල සහිතව රෝහල්ගත කර ප්‍රතිකාර ලබයි. මෙම අනතුර හේතුවෙන් අවට වනාන්තර ප්‍රදේශයක ගින්නක් ද හටගෙන ඇති අතර, අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














