කළුතර, කිතුලාව ප්‍රදේශයේදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු බෑනා විසින් එල්ල කරන ලද උදලු පහරකින් බරපතළ තුවාල ලැබූ නැන්දම්මා වන යසවතී නැමැත්තිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
තම මවත් සැමියාත් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව තුවාලකාරියගේ දියණිය පොලිසියට පැමිණිලි කර ඇති අතර, සිද්ධියෙන් පසු තුවාල ලබා ඇති සැකකාර බෑනා ද කළුතර ශික්ෂණ රෝහලේ අංක 33 වාට්ටුවට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි. දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.














