කඩවත, ඉහළ බියන්විල ප්රදේශයේ පැවති උපන්දින සාදයක් අතරතුර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ තියුණු ආයුධ ප්රහාරයකින් 54 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු කඩවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සති අන්තයේ වාර්තා වූ මෙම සිද්ධියේදී, මියගිය පුද්ගලයා සිය සහෝදරයාගේ උපන්දින සැමරුම සඳහා සහභාගී වී සිටියදී මෙම ආරවුල හටගෙන ඇති අතර, ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ තිදෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු 54 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත. ප්රහාරයෙන් පසු ප්රදේශයෙන් පළාගිය අනෙක් සැකකරු සොයා කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














