මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පුද්ගලයන් 32 දෙනෙකු මියයාම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් වැදගත් අනාවරණයක් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව සඳහන් කළ සී.අයි.ඩී. නිලධාරීන්, ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් සහ සාක්ෂිකරුවෙක් සොයාගෙන ඇති බව අධිකරණයට දන්වා ඇත. කෙසේ වෙතත්, මෙම තොරතුරු මාධ්‍ය මඟින් හෙළිවීමෙන් විමර්ශනවලට සහ සාක්ෂිවලට බලපෑමක් විය හැකි බැවින්, ඒවා ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අනතුරුව, මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් නම් කළ 5 වැනි සැකකරු වන පල්ලේගමගේ දිනුක ලක්මාල් හෙවත් “ලැම්බා” නමැත්තා මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.














