ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව, මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයට අඛණ්ඩව බලපෑම් එල්ල වී ඇති අතර, 2026 ජූනි මාසයේදී ද ජංගම ගිණුමේ හිඟයක් වාර්තා වී තිබේ. ඒ අනුව, අඛණ්ඩව තෙවන මාසයටත් ජංගම ගිණුමේ හිඟයක් වාර්තා කරමින් ජූනි මාසයේදී එහි අගය අමෙරිකානු ඩොලර් මිලියන 149ක් ලෙස සටහන් වී ඇති අතර, ආර්ථිකයේ පවතින තත්ත්වයත් සමඟ ඉන්ධන සහ මෝටර් රථ ආනයන සඳහා වන වියදම් ද පහළ ගොස් ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.














